නියමයන් සහ කොන්දේසි

  1. හැඳින්වීම

    විජය පුවත්පත් සමාගම [PB20] ඩයලොග් ආසිආටා පීඑල්සී [PQ38] සහ ඩිජිටල් කොමර්ස් ලංකා පුද්ගලික සමාගම [PV 89581] (මින් ඉදිරියට සේවා හවුල්කරුවන් වශයෙන් හැඳින්වේ) සිය සේවාවන් පහත දැක්වෙන කොන්දේසි වලට යටත්ව තම වෙබ් අඩවිය (මින් ඉදිරියට “වෙබ් අඩවිය” ලෙසින් හැඳින්වේ) ඔස්සේ ලබා දෙනු ලැබේ.

    කරුණාකර පහත දැක්වෙන කොන්දේසි අවධානයෙන් කියවන්න. ඔබ එහි සඳහන් නියමයන් හා කොන්දේසි වලට එකඟ නොවන්නේ නම් ඔබට වෙබ් අඩවියට පිවිසිය නොහැක. ඔබ වෙබ් අඩවියට පිවිස වෙබ් අඩවිය භාවිත කළහොත් ඔබ මෙහි සඳහන් නියමයන් සහ කොන්දේසි වලට එකඟ වන බවට සහ ඊට බැඳී සිටින බවට පිළිගැනෙන අතර වෙබ් අඩවිය සහ භාවිත කරන ඔබව පාලනය කරන පුද්ගල ප්‍රතිපත්ති ද ඊට ඇතුළත් වේ.

  2. වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු

    මෙම වෙබ් අඩවියේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා සෑම ප්‍රයත්නයක දැරුව ද වෙබ් අඩවියේ අඩංගු තොරතුරවල අනුක්‍රමික බව, නිරවද්‍යතාව, සම්පූර්ණත්වය හෝ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සේවා හවුල්කාරිත්වය හෝ වෙන යම් තුන්වන පාර්ශවයක් හෝ දත්ත හෝ අන්තර්ගතය සම්පාදනය කරන්නෙකු, ප්‍රකාශිතව හෝ නීතිමය ගම්‍ය කිරීමක් හෝ අවශේෂ නියෝජනයක් හෝ වගකීම් දැරීමක් හෝ නොකරන අතර මත, කිසියම් හෝ මිල තොරතුරු, පර්යේෂණ තොරතුරු, දත්ත/ හෝ අන්තර්ගතය (යම් තුන්වන පාර්ශවයක් හෝ දත්ත හෝ අන්තර්ගතය සම්පාදනය කරන්නෙකු විසින් සපයනු ලබන ඕනෑම තොරතුරකට සීමා නොවන අතර එය ද ඇතුළුව) සහ වෙබ් අඩවියේ ඇතුළත් වන කිසිදු තොරතුරකට කිසියම් හෝ ආකාරයකින් බැඳී නොසිටී. වෙබ් අඩවියේ ඇති ඕනෑම කොටසක් හෝ විශේෂාංගයක් දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ හෝ නවතාලීමේ අයිතිය සේවා හවුල්කරු සතු වේ. මෙහි අන්තර්ගත කරුණු තොරතුරු දැනගැනීමට පමණක් වන අතර එය උපදෙසක් හෝ ඒ පිළිබඳ තොරතුරක් වශයෙන් වටහා නොගත යුතුය. එසේම එය වෙළඳ අරමුණු සඳහා නොවේ. ඔබ හෝ ඔබගේ සමාගම මෙම වෙබ් අඩවියේ තොරතුරු මත යැපෙන්නේ නම් ඒ පිළිබඳ වගකීම සහ අවදානම ඔබ විසින් දැරිය යුතුය. මෙම වෙබ් අඩවියේ කිසියම් දෝෂයක් හෝ ප්‍රමාද දෝෂයක් ඇත්නම් කරුණාකර ඒ පිළිබඳව අපට දන්වන්න.

  3. වෙළඳ ලකුණු

    වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරෙන වෙළඳ ලකුණු, නම්, ලාංඡන සහ සේවා සලකුණු (පොදුවේ වෙළඳ ලකුණු) සියල්ල සේවා හවුල්කරුවන්ගේ ලියාපදිංචි කළ සහ නොකළ වෙළඳ ලකුණු වේ. සේවා හවුල්කරුවන්ගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව කිසිදු වෙළඳ ලකුණක් භාවිත කිරීම සඳහා අවසරයක් හෝ අනුමැතියක් එමගින් හිමි නොවන බව සැලකිය යුතුය.

  4. බාහිර ඇමුණුම් (Links)

    ඔබගේ පහසුව වෙනුවෙන් බාහිර ඇමුණුම් (Links) මෙහි ඇතුළත් කර ඇති නමුත් එහි පාලනය සේවා හවුල්කරුවන් සතු නොවන අතර ඒ හා කිසිදු සම්බන්ධයක් ද නොමැත. කිසියම් බාහිර ඇමුණුමක් විශ්වාස කිරීමේ හෝ භාවිත කිරීමේ සම්පූර්ණ වගකීම එය භාවිත කරන්නා වෙත පැවරේ. ඔබ බාහිර ඇමුණුමක් පිරික්සීමේදී එම බාහිර ඇමුණුමට අදාළ නියමයන් සහ කොන්දේසි ඔබ විසින් කියවිය යුතුය. සේවා හවුල්කරුගේ පූර්ව අනුමැතියකින් තොරව ඔබ විසින් පාලනය කරන වෙබ් අඩවියකින් හෝ මෙම වෙබ් අඩවියට හයිපර් ලින්ක් (ඇමුණුම්) නිර්මාණය නොකළ යුතුය. මෙම වෙබ් අඩවියට සම්බන්ධ වීමට හෝ ඔබේ වෙබ් අඩවියට ඇමුණුමක් ඉල්ලූම් කිරීමට අවශ්‍ය නම් කරුණාකර අපව අමතන්න.

  5. පොදු සංසද සහ ග්‍රාහක ලියාපදිංචිය

    වර්ග කළ දැන්වීම්, දැන්වීම් පුවරු, සංග්‍රාහක පිටු, චැට් රූම් හෝ වෙබ් අඩවියෙහි අන්තර්ගත වෙනත් කිසිදු පොදු ෙක‍ෂ්ත්‍රයක් ඇතුළු ඕනෑම පොදු කොට්ටාසයකට ඔබ විසින් භාරදෙන කිසිදු කරුණක් සහ සේවා හවුල්කරු විසින් පිටසන් නොකරන, විමර්ශනය නොකරන හෝ අනුමත නොකරන (ඔබ හෝ වෙනත් පාර්ශවයක් විසින් භාර දෙන ලද වුවද) ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සේවා හවුල්කරු වගකියනු නොලැබේ. පහත සඳහන් කරුණු අනුව නමුත් ඊට සීමා නොවී චේතනාන්විතව පොදු ‍ක්ෂේත්‍රයක් වෙත ඔබ විසින් කිසියම් කරුණක් භාරදෙන ලද හෝ පළ කරන ලද බවට සේවා හවුල්කරු නිර්ණය කළහොත්, ඕනෑම කරුණක් ඔබට දැන්වීමෙන් තොරව ඉවත් කිරීමේ පූර්ණ බලය සේවා හවුල්කරු වෙත ඇත.

    1. අපකීර්තියට පත් කිරීම, අයුතු ලෙස පරිහරණය කිරීම, හිංසනයට පත් කිරීම, පීඩාවට පත් කිරීම, තර්ජනය කිරීම හෝ සෙසු භාවිත කරන්නන්ගේ හෝ වෙනත් තුන්වන පාර්ශවයක අයිතීන් උල්ලංඝනය කිරීම:
    2. ප්‍රකාශයට පත් කිරීම, පල කිරීම, ඛෙදා හැරීම හෝ නිගරු, අසභ්‍ය, අවිනීත හෝ නීති විරෝධී කරුණු හෝ තොරතුරු ප්‍රචාරය කිරීම:
    3. වෛරස, දූෂිත ගොනු හෝ සේවා හවුල්කරුගේ සහ/හෝ තුන්වන පාර්ශවයක පරිඝණක පද්ධති සහ/ හෝ ජාල වලට හානි සිදු විය හැකි ඊට සමාන වෙනත් ඕනෑම මෘදුකාංගයක් පල කිරීම හෝ අප්ලෝඩ් (උත්පතනය) කිරීම:
    4. ඕනෑම ප්‍රකාශන හිමිකමක්, වෙළඳ ලකුණක්, සේවා හවුල්කරු හෝ වෙනත් තුන්වන පාර්ශවයක් සම්බන්ධයෙන් ඇති ශ්‍රී ලංකාවේ හෝ ජාත්‍යන්තරව හෝ බුද්ධිමය දේපල හිමිකම් නීතියක් උල්ලංඝනය කිරීම:
    5. සාමාජීය ව්‍යාපාර අර්ථවත් වන අළෙවිකරණ සහ ප්‍රවර්ධන තොරතුරු අන්තර්ගත කරුණු පල කිරීම:

  6. සාමාජිකත්වය

    මෙම වෙබ් අඩවිය වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්, අපේක‍ෂිත වෙළඳපලෙන් පරිබාහිර හෝ සේවා හවුල්කරු විසින් පෙර තහනම් කරන ලද කිසිදු සාමාජිකයෙකු සඳහා විවෘත නොවේ. මෙම වෙබ් අඩවිය භාවිත කිරීමෙන් මෙහි ගිවිසුම හා එකඟ වන වයසෙහි ඔබ සිටින බවටත් ශ්‍රී ලංකාවේ වලංගු නීතිය හෝ වෙනත් අදාළ අධිකරණ බලයකින් සේවා ලබාගැනීම අත්හිටුවා නොමැති බවටත් ඔබ එකඟතාවය පල කර සිටී. මෙම වෙබ් අඩවිය මගින් ඉල්ලූම් කරන අවස්ථාවලදී සත්‍ය හා නිවැරදි තොරතුරු පමණක් ලබාදීමට ඔබ බැඳී සිටී. කිසියම් අසත්‍ය, සාවද්‍ය හෝ අසම්පූර්ණ තොරතුරක් ඔබ විසින් ලබාදුනහොත් ඔබගේ දැන්වීම අත්හිටුවීමට හෝ තහනම් කිරීමට සහ ඉදිරියේදී සේවාව භාවිත කිරීමේ හැකියාව ප්‍රතිෙක‍ෂ්ප කිරීමට අයිතිය සේවා හවුල්කරු වෙත ඇත.

  7. දෝෂ හේතුවෙන් අවලංගු කිරීම

    මුද්‍රණ දෝෂ හෝ අනපේක‍ෂිත දෝෂ හේතුවෙන් වෙබ් අඩවියේ පළ වන (භාණ්ඩ හෝ සේවාවක් සම්බන්ධ) වැරදි තොරතුරු (වැරදි මිල හෝ විස්තර) හේතුවෙන් ඕනෑම වේලාවක ඇණවුමක් අවලංගු කිරීමේ අයිතිය සේවා හවුල්කරු වෙත හිමි වේ. ඇණවුමක් අවලංගු කරන අවස්ථාවකදී ඒ සඳහා මුදල් ගෙවා ඇත්නම් එම භාණ්ඩය හෝ සේවාව සඳහා වන සම්පූර්ණ මුදල සේවා හවුල්කරු විසින් නැවත ගෙවනු ලැබේ. ඊට අමතරව සැකසුම් කාලය අතරතුර ඔබගේ ඇණවුම අවලංගු කිරීමේ හැකියාව ද ඔබට ඇත. ඔබේ ඇණවුම සම්පූර්ණ වී මුදල් ගෙවීම සම්බන්ධ රිසිට්පත ඔබ වෙත ලැබුණු පසු යළි එය අවලංගු කළ නොහැක.

  8. විශේෂ භාවිතය

    නීති විරෝධී, හිංසාකාරී, නිගරු, අපවාදාත්මක, අශෝභන, තර්ජනාත්මක, හානිදායක, අසභ්‍ය, අශීලාචාර, ලිංගික, ජාතිවාදී, ආගම්වාදී, අශ්ශීල හෝ කිසිදු නීතියක් උල්ලංඝනය වන කිසිදු පණිවිඩයක් හෝ කරුණක් යැවීමට හෝ පල කිරීමට මෙම වෙබ් අඩවිය යොදා නොගන්නා බවට ඔබ එකඟතාව පළ කර සිටින අතර එවැනි යමක් යොමු කිරීමට හෝ පල කිරීමට ඔබ වෙබ් අඩවිය යොදා ගැනීමෙන් ඍජුව හෝ වක්‍රව සේවා හවුල්කරු හෝ වෙන යම් තුන්වන පාර්ශවයක් පීඩාවට ලක් වන්නේ නම් එහි පාඩුව, වගකීම, හානිය හෝ වියදම සේවා හවුල්කරු වෙත නොපැවරේ.

  9. වගකීම

    වෙබ් අඩවිය, වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු, ඔබ හෝ ඔබේ පුද්ගලික තොරතුරු හෝ කරුණු සහ අපගේ පද්ධතිය හරහා මාරු වන තොරතුරු සම්බන්ධයෙන් සේවා හවුල්කරු විසින් කිසිදු වගකීමක්, නියෝජනයක්, ප්‍රකාශනයක් හෝ භාරකාරත්වයක් (ප්‍රකට වන, ගම්‍යමාන වන හෝ අවශේෂ) දරනු නොලැබේ.

  10. වගකීම අත්හැරීමේ ප්‍රකාශනය

    ඔබ වෙබ් අඩවියට පිවිස භාවිත කිරීම, වෙබ් අඩවියෙහි අන්තර්ගත තොරතුරු, ඔබ හෝ ඔබේ වර්ග කළ දැන්වීමේ තොරතුරු හෝ කරුණු සහ අපගේ පද්ධතිය හරහා සම්ප්‍රේෂිත තොරතුරු වලට ඍජුව හෝ වක්‍රව ආරෝපණය කළ හැකි කිසිදු කරුණක් හේතුවෙන් ඔබට හෝ තුන්වන පාර්ශවයකට (ඔබේ ආයතනය ද ඇතුළත්ව) සිදු වන අලාභයක්, වගකීමක්, හානියක් (ඍජුව, වක්‍රව හෝ ආනුෂංගීය), පුද්ගලයෙකුට සිදුවන තුවාල හෝ ඕනෑම ආකාරයක වියදමක් සම්බන්ධයෙන් සේවා හවුල්කරු වගකියනු නොලැබේ. කිසියම් ප්‍රමාදයක්, ප්‍රමාද දෝෂයක්, වැරදීමක් හෝ ගාස්තු හෝ සම්ප්‍රේෂණය පිළිබඳ තොරතුරු වල පැහැර හැරීමක් හෝ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගනු ලැබූ කිසියම් පියවරක් හෝ අවස්ථානුකූලව හෝ නිසි ක්‍රියාකාරිත්වය නොමැති වීම හෝ බිඳ වැටීම් හෝ අත්හිටුවීම් හේතුවෙන් ඔබට හෝ වෙනත් පාර්ශවයකට (ඔබේ ආයතනය ද ඇතුළත්ව) සිදු වන අලාභයක්, වගකීමක්, හානියක් (ඍජුව, වක්‍රව හෝ ආනුෂංගීය), පුද්ගලයෙකුට සිදුවන තුවාල හෝ ඕනෑම ආකාරයක වියදමක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම සේවා හවුල්කරු හෝ වෙනත් තුන්වන පාර්ශවයක් හෝ දත්ත හෝ අන්තර්ගත සැපයුම්කරු වගකියනු නොලැබේ.

  11. හානිපූරණය

    මෙම නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් හෝ වර්ග කළ දැන්වීම් කරුණු සහ නොසැලකිලිමත් තොරතුරු හෝ වැරදි අන්තර්ගතයන් හේතුවෙන් සිදුවන කිසිදු අලාභයන්, වියදමක්, හානියක් සහ පිරිවැයක් සම්බන්ධයෙන් ගෙවීමට සිදුවන කිසිදු නීති ගාස්තුවක් ඇතුළු කිසිදු ගෙවීමක් හෝ ඉල්ලීමක් සම්බන්ධයෙන් වගකීම සේවා හවුල්කරු (සහ එහි සේවකයින්, අධ්‍යක‍ෂවරු, සැපයුම්කරුවන්, පරිපාලිතයින්, හවුල්කරුවන් සහ නීති නිලධාරීන්) වෙත වගකීම නොපැවරීමට මෙයින් භාවිත කරන්නා එකඟතාවය පල කර සිටී

  12. වෙබ් අඩවිය භාවිත කිරීම

    වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු කිසිදු අධිකරණ බල ප්‍රදේශයකද භාවිතය සඳහා සුදුසු බවට සහතිකයක් හෝ නියෝජනයක් සේවා හවුල්කරුවන් විසින් ලබා නොදේ. වෙබ් අඩවියට පිවිසීමට හා එහි අන්තර්ගත තොරතුරු භාවිත කිරීමට ඔබට නීතිමය බලයක් ඇති බවට සහතිකයක් හා නියෝජනයක් බව වෙබ් අඩවියට පිවිසීමෙන් සේවා හවුල්කරුවන් ලබාදෙනු නොලැබේ.

  13. පොදු කරුණු

    1. සමස්ත ගිවිසුම: මෙම වෙබ් අඩවියේ නියමයන් සහ කොන්දේසි මගින් ඔබ වෙබ් අඩවිය භාවිත කිරීම සම්බන්ධයෙන් ඔබ සහ සේවා හවුල්කරු අතර ගිවිසුමක් ගොඩනංවනු ලබයි. ප්‍රකාශිත හෝ ගම්‍යමාන කිසිදු නියෝජනයක්, වගකීමක් හෝ බැඳීමක් සම්බන්ධයෙන් ඔබ හෝ සේවා හවුල්කරු වගකිව යුතු නොවේ. විශේෂයෙන් සඳහන් කර නොමැති නම්, වෙබ් අඩවිය භාවිතය සම්බන්ධයෙන් ඔබ සහ සේවා හවුල්කරු අතර ලිඛිතව හෝ වාචිකව ඇති වන සියලූ බැඳීම්, ප්‍රතිඥාවන් හෝ නියෝජනයන් අභිබවා මෙම වෙබ් අඩවියේ නියමයන් සහ කොන්දේසි බලාත්මක වේ.
    2. වෙනස් කිරීම්: අදාළ ඕනෑම නියමයන් හෝ කොන්දේසි, ප්‍රතිපත්ති හෝ දැන්වීම් ඕනෑම මොහොතක වෙනස් කිරීමේ අයිතිය සේවා හවුල්කරු සතු වේ. ඔබ වරින් වර මෙම වෙබ් අඩවියට පිවිසීම තුළින් මෙහි වර්තමානයේ ක්‍රියාකාරී (වර්තමාන අනුවාදය) අනුවාදයට ඔබ එකඟ වන බවට පිළිගැනෙන අතර වර්තමාන අනුවාදයෙහි සඳහන් වුවහොත් හැර පෙර පැවති කොන්දේසි අභිබවා වර්තමාන අනුවාදය බලපැවැත්වේ. ඔබ වෙබ් අඩවියට පිවිසෙන සෑම අවස්ථාවකදීම වර්තමාන අනුවාදය කියවීමේ වගකීම ඔබ සතු වේ.
    3. ගැටුම්: වෙබ් අඩවියේ නියමයන් හා කොන්දේසි සහ අදාළ වෙනත් ඕනෑම නියමයන් හා කොන්දේසි, ප්‍රතිපත්ති හෝ දැන්වීම් පිළිබඳ ගැටුමක් හෝ මතභේදයක් ඇති වුවහොත්, වෙබ් අඩවියේ ඔබ භාවිත කරන විශේෂ කොටසකට හෝ ඒකකයකට අදාළ වෙනත් නියමයන් හා කොන්දේසි, ප්‍රතිපත්ති හෝ දැන්වීම් එලෙසින්ම වලංගුභාවයෙන් පවතී.
    4. අත්හැරීම: පැවරුම්කරු විසින් ප්‍රකාශිතව ලිඛිත ලියවිල්ලක් මගින් අයිතිවාසිකම් සීමා කිරීමක් හෝ අත්හැරීමක් කළහොත් හැර, ඔබ හෝ සේවා හවුල්කරු විසින් අනෙක් පාර්ශවයට ලබාදෙන කාලය දීර්ඝ කිරීමක් හෝ යම් කිසි නොකර හැරීමක්, නීතිමය හෝ වෙනත් ආකාරයකින් ගිවිසුම්ගත පැවරුම්කරුගේ ගිවිසුම්ගතව පවතින හෝ අනාගත අයිතිවාසිකම් හෝ අත්හැරීමක් වශයෙන් නොසැලකිය යුතුය.
    5. පවරා දීම: අදාළ ඕනෑම නියමයන් හෝ කොන්දේසි, ප්‍රතිපත්ති සහ දැන්වීම් සම්බන්ධ සියලූම හෝ ඕනෑම අයිතියක් සහ බැඳීමක් තුන්වන පාර්ශවයක් වෙත පවරා දීමේ හැකියාව සේවා හවුල්කරුට ඇත.
    6. 6 විභේද්‍යතාවය: අදාළ ඕනෑම නියමයන් හා කොන්දේසි, ප්‍රතිපත්ති සහ දැන්වීම් පිළිබඳ සියලූම නියෝග කුමන ආකාරයකින් කාණ්ඩ කර හෝ ව්‍යාකරණානුකූලව සම්බන්ධ කර තිබුණ ද ඒවා එකිනෙකින් වෙනස් වේ. අදාළ ඕනෑම නියමයන් හා කොන්දේසි, ප්‍රතිපත්ති සහ දැන්වීම් අවලංගු කිරීම හෝ නීතිවිරෝධී වීම හේතුවෙන් යම් කිසි අධිකරණ බල ප්‍රදේශයක් තුළ බලාත්මක කළ නොහැකි බවට පත් වුවහොත් එම නියමයන් සහ කොන්දේසි ප්‍රතිපත්ති සහ දැන්වීම් නොලීවාක් මෙන් සැලකෙන අතර අනෙක් ඉතිරි නියමයන් සහ කොන්දේසි වලංගු වන අතර තවදුරටත් ක්‍රියාත්මක වේ.
    7. වලංගු නීති: අදාළ ඕනෑම නියමයන් හා කොන්දේසි, ප්‍රතිපත්ති සහ දැන්වීම් නීති පිළිගැටුම් මූලධර්මයන්ට යටත් නොවී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති රෙගුලාසි වලට අනුකූලව පාලනය වේ. වෙබ් අඩවියට අදාළව උද්ගත වන කිසියම් මතභේදයක්, හෝ අදාළ ඕනෑම නියමයන් සහ කොන්දේසි, ප්‍රතිපත්ති සහ දැන්වීම් හෝ අදාළ ඕනෑම ගැටලූවක් සම්බන්ධයෙන් පියවර ගැනීමට ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජජයේ අධිකරණ නීතියට බලය පවරනු ලැබේ.
    8. අදහස් හෝ ප්‍රශ්න: වෙබ් අඩවියට අදාළව ඔබට කිසියම් ප්‍රශ්නයක්, අදහසක් හෝ සැලකිය යුතු කරුණක් ඇත්නම්, පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය හෝ වෙනත් අදාළ නියමයන් හා කොන්දේසි, ප්‍රතිපත්ති සහ දැන්වීම් හෝ අප ඔබේ තොරතුරු හසුරුවන ආකාරයට කරුණාකර අපව අමතන්න.

  14. අවසන් කිරීම

    ඔබ වෙබ් අඩවියට පිවිසීම සහ/හෝ වෙන් කිරීම් සහ අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පල කිරීමේදී මෙම නියමයන් සහ කොන්දේසි අදාළ වේ. මෙම නියමයන් සහ කොන්දේසි හෝ ඉන් ඕනෑම කොන්දේසියක් පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම මොහොතක වෙනස් කිරීමේ අයිතිය හෝ අවලංගු කිරීමේ අයිතිය සේවා හවුල්කරු සතු වේ. කර්තෘ හිමිකමට අදාළ නියෝග සහ වෙළඳ ලකුණු, අයිතිය අත්හැරීමේ ප්‍රකාශන, හිමිකම්, සීමිත වගකීම්, වන්දි ගෙවීම්, අදාළ නීති, බේරුම් කිරීම් සහ පොදු කරුණු කිසියම් අත්හිටුවීමකදී අවලංගු නොවී පවතී.

Powered by wow.lk